Year and Month | December, 2011 |
Number of Days | Six Day Trip |
Crew | Our Family 19 (between 1-70 years of age) Adult 13 & 6 Children |
Accommodation |
|
Transport | 3 Mitsubishi 4DR5 Jeeps |
Activities | Travel around Sri lanka, pilgrimage |
Weather | Rainy from time to time |
Route |
|
Tips, Notes and Special remark |
|
Author | sumith |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
අපගෙ ගමනේ මූලික අරමුණ වූයේ ලබුනෝරුව ආරණ්ය සේනාසනයේ වැඩ සිටින හාමුදුරුවන් වහන්සේලාට දානය පිරිනැමීමයි. කඹුරුපිටියෙන් පිටත් වූ අප එදින රාත්රිටය පිලියන්දල ගත කලෙමු. පසු දින උදයේ ලබුනෝරුව බලා පිටත් විය. එදින දිවා ආහාරය ඉබ්බන්කටුව ජලාශය අසලදී ගත් අප ලබුනෝරුවට ළඟවනවිට සවස් වී තිබුනි. රිටිගල කඳු පාමුල පිහිටි ලබුනෝරුව ආරණ්ය සේනාසනය ඉතා නිස්කලංක ස්ථානයක් වන අතර ඊට මද දුරක් ඈතින් පිහිටා ඇති මූරියන්කඩවල වැව රිටිගල කන්දත් සමග දර්ශනීය දසුනක් මවාපායි. එදින රාත්රීට එහි ඇති විශ්රාවම ශාළාවේ ලැගුම් ගත් අප පසු දින උදේ සහ දහවල් දානය එහි වැඩ සිටින හාමුදුරුවන් වහන්සේලාට පිරිනැමිමෙන් පසු එදින අපගේ ගමනාන්තය වූ ත්රි කුණාමලය බලා පිටත් වීමු.
හබරණ සිට කන්තලේට ඇති මාර්ගය ඉතා හොඳ තත්වයේ තිබූ අතර, කන්තලේ සිට ත්රිුකුණාමලයට මාර්ගය අලුත්වැඩියා කරමින් පැවතුනි. ත්රිතකුණාමලයට ලඟාවනවිට සවස 6.30 පමණ විය. ඒ වනවිට ත්රි්කුණාමලය නගරයට අධික වැසි පතිත වන්නට විය. අධික වර්ෂාව මැද ඉතා අපහසුවෙන් නවතින්නට තැනක් සොයා ගැනීමට අපට හැකිවිය. පුද්ගලික නවාතැනක් වූ එහි එදින රාත්රීෙය ගත කලෙමු.
ත්රියකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල වැඳපුදාගත් අප නගරයේ සංචාරය කිරීමෙන් පසු නිලාවේලිය බලා පිටත් වූවෙමු. නිලාවේලියේ දී එහි සිටි ආරක්ෂක අංශයේ නිලධාරින් අවට සංචාරය කිරීමට අපට අවසර ලබා දුන්නත්, මුහුදේ නැම සඳහා අවසර ලබා නොදෙන ලදි. ඒ දිනවල මුහුදේ පැවති අධික රලු ස්වභාවය නිසා ඊට ටික දිනකට පෙර පුද්ගලයෙකු මියයාම එයට හේතුවයි.
නිලාවේලියෙන් පිටත් වූ අප තිරියාය බලා ගමන් ඇරඹුවෙමු. ත්රී කුණාමලය පුල්මුඩේ මාර්ගයේ කුච්චවේලියෙන් වමට ඇති මාර්ගයේ ගමන් කල විට තිරියාය පුදබිම හමු වේ. කුච්චවේලිය දක්වා ඇති මාර්ගය ඉතා හොඳ තත්වයේ තිබූ අතර කුච්චවේලියේ සිට තිරියායට තිබු මාර්ගය ඒ දිනවල පැවති අධික වර්ෂාව නිසා තරමක් දුරට මඩ සහිත විය.
බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු, උන්වහන්සේට ප්රථම දානය පිලිගැන්වූ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් තමන්ට වන්දනාමාන කිරීම සඳහා යම් දෙයක් ලබාදෙන ලෙස ඉල්ල සිටි විට බුදුරජානන්වහන්සේ තමාගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුනි. එසේ ලබාගත් කේශ ධාතු කරඬුවක තැන්පත් කර ඔවුන් වෙළදාමේ යනවිට රැගෙන ගියහ. මෙසේ ඔවුන් තැනින් තැන වෙළදාමේ යන අතර තුර ත්රී කුණාමලයට නොදුරු තිරියාය ප්රටදේශයට පැමිණ තිබේ. එහි පිහිටි කඳුගැටයක් මත කරඬුව තැන්පත් කල ඔවුන් තමන්ගේ කාර්ය්ය නිමවා නැවත කරඬුව ලබාගැනීමට සූදානම් වූ විට, ඔවුන්ට එය සෙලවීමටවත් නොහැකිවී තිබේ. පසුව ඔවුන් එම ස්ථානයේ දාගැබක් කරවූ බව සඳහන් වේ. එය ගිරිහඬුසෑය නමින් හැඳින් වූ බවත්, එය බුදුරජානන්වහන්සේ වෙනුවෙන් ඉදිවූ ප්රථම දගැබ ලෙසත් සඳහන් වේ.
අප තිරියායට ලඟාවන විට යහපත් කාලගුණයක් පැවතිනි. මනරම් කඳුගැටයක් මත ගිරිහඬුසෑය පිහිටා ඇත. පියගැටපෙළ නැගීමෙන් පසු කඳුගැටය මත තැනිතලා භූමියක ඇති මෙම පුදබිම වෙත අපි ලඟ වීමූ. වටදාගෙයක නටබුන් සහිත මෙම දගැබ දුටු විට මට සිහියට නැගුනේ පොලොන්නරුව හා මැදිරිගිරිය වටදාගෙවල්ය. ඉතා පෞරාණික කැටයම් සිහිත ගල් කණු, හා ගල් පුවරු විශාල ප්රවමාණයක් මෙහි ඇත. තිරියාය පුදබිම වන්දනාකිරීමෙන් හා නැරඹීමෙන් පසු අප එම ස්ථානයෙන් පිටත් වී අනුරාධපුරය බලා ගමන් ඇරඹීමු.
තිරියායේ සිට අනුරාධපුරය බලා පිටත් වූ අප වනාන්තර හා කුඩා ගම්මාන මැදින් වැටී ඇති කුඩා අතුරු මාර්ග ඔස්සේ ගමන් කලෙමු. මාර්ගයේ තැනින් තැන අබලන් තත්වයේ තිබූ අතර සමහර ස්ථානවල ගල් අතුරා තාර පවා යොදා තිබුනේ නැත. මිහින්තලයට ලඟා වන විට රාත්රීු 7.30 පමණ වූ තිබූ බැවින් මිහින්තලයේ නැවතීමට තීරණය කල අප මිහින්තලය නගරයේ තිබූ ව්ශ්රාුම ශාලාවක නවාතැන් ගතිමු.
පසු දින මිහින්තලය හා අනුරාධපුර පුජාභූමි වන්දනාමාන කල අප ගමන් වෙහෙස නිසාම කලාඔය පන්සලේ නවාතැන් ගතිමු. පසු දින කලාඔයෙන් පිටත් වූ අප කොළඹ හරහා නිවෙස් බලා පැමිණියෙමු.